images (3)

නිදහස වෙනුවෙන් මිනිසුන් අත් කරගත යුත්තේ කවරක්ද? බැහැර කළ යුත්තේ කවරක්ද යන්න අපගේ සංවාදයේ ඇරඹුම බවත් මිනිසුන් ගෝත්‍ර ගත කරන සියළු විදිවල බන්ධන දිය කළ යුතු බවත් අප පැවසුවෙමු.

එය එතරම් පහසු දෙයක් නොවන බවත් අප දනිමු.

රාමුවක හිරනොවී නිදහසේ සිතන්නට නිදහසේ කියන්නට මගක් අප සොයමින් සිටිමු.

යමක පිටින් පෙනෙන දෙය දකින්නට මෙන්ම නොපෙනෙන දෙය හොයන්නටද අප කැමතිය.

මුහුණට මුහුණ හමු නොවුනත් මෙතැනදී අප ඔබ හමුවන්නේ ඒ වෙනුවෙනි.

අප හිතන මතන විදියේ වෙනසකට මුල පුරමු.

අවිචාර අනුග්‍රාහකයන් නොවී තාර්කික මිනිසෙක් වෙන්නට බලමු.

“ලොව පුදුම දේ ඇත
ඒවා ගැන සොයා බැලුවොත්
පුදුම දේ පසුපස ඇති
සරල සත්‍ය වැටහේ.
ඇත්තටම ‘ඇත්ත ‘ පුදුම දෙයකි.”

ඇත්ත සෙවීම අපහසුය.ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම ඊටත් අපහසුය.
අන්ධයන්ගේ රාජ්‍යයක ඇස් පෙනෙන්නා අන්ධයෙකි.

images (4)

COME OUT SOON! THIS IS NOT A CARE ROOM

එහෙත් භක්තිය හා විශ්වාසය මතම යැපෙමින් අන්ධයන් සේ කටයුතු කිරීමට අප සූදානම් නැත.
ගවෙෂණාත්මක -ප්‍රත්‍යක්ෂ දැනුම වෙතට පිවිසීමට ගල් ලෙන බිඳ ලෙන් දොර හරින්නට අප යත්න දරමු.

දිළිඳු මිනිසුන් බහුතරය සහිත අප සමාජයේ වැඩි දෙනා අපොස සාමාන්‍ය පෙළ දක්වා වත් අධ්‍යාපනය ලද අය නොවේ.
සාමාන්‍ය පෙළ සමත් අය අතරින්ද වැඩි දෙනා ගණිතය, විද්‍යාව හෝ ඉංග්‍රීසි අසමත්ය.

අවුල් සහගත කරුණ නම් උගත් ,විද්‍යා අධ්‍යාපනයක් සහිත අය අතුරින්ද බොහෝමයක් දෙනා අතාර්කික ,අවිචාරශීලී අය වීමයි. මේ සමාජ වටපිටාව ගුප්ත විකාර ඇදහිලි රෝපණයට කදිම ‍තෝතැන්නක් වී ඇත.

බිය නිසා නොව හේතු සාධක ඇති නිසා ඔබ යමක්විශ්වාස කරන්නේ නම් ඔබට එය තර්කානුකූලව පිළි ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකිය. නමුත් ඔබේ විශ්වාසය භක්තිය මත පදනම් වේ නම් ඔබට තර්කානුකූල බුද්ධියෙන් පලක් නැත.

“අධ්‍යාපනය” මුවාවෙන් නේක විධ සූත්තර මගින් තරුණ පරපුරේ මනස විකෘති කරන්නේ තර්කානුකූල බුද්ධිය බලහත්කාරයෙන් යටපත් කරමිනි. අවාසනාවකට සෑම ශිෂ්ට සම්පන්න යැයි කියන රටකම අධ්‍යාපනය තුල මේ ලක්ෂණය දැකිය හැකි අතර එමගින් සිදු වන්නේ ආරක්ෂාව පිළිබඳ අනියත බියකින් පෙළෙන බුද්ධිමය වශයෙන් නොමේරු තරුණ පරපුරක් බිහි වීමයි.

අපේ උත්සාහය එතැනින් ගලවා තරුණ පරපුර විද්‍යාත්මක යාථාර්තය කරා යොමු කිරීමටයි. දත්ත හා සාක්ෂ්‍ය නොමැතිව යමක් නොපිළිගන්නා යෞවනයන් කිරීමටයි.

අපේ රට ඉදිරියට ගෙන යා හැක්කේ ඒ මග ඔස්සේ පමණි.

images (1)

Advertisements

Image

මම සොයන්නේ කුමක්ද? ඔහු හෝ ඇය ? ඔබද මාද නොවන අහවලා හොයන්නේ කුමක්ද?

වුවමනාව සාපේක්ෂ වන්නේය. සමාජ,ආර්ථික ආදි වූ සාධක මත,භූගෝලීය හා පාරිසරික  සාධක මත , මොහොත තුල අත් විඳින්නා වූ සංවේදන මත,අපගේ දැනුම හා වයස මත , ගැහැණුද පිරිමිද යන්න මත , ‍රැකියාව මත , දන්නාවූ හා නොදන්නා වූඋ භාෂාවන් මත, කුලය හෝ වෙනත් ලක්ෂණ මත අදහන්නේ හෝ විශ්වාස පදනම් වලට අරක් ගත් ආගම් හා දෙවිවරුන් මත , භූගෝලීය විෂමතා මත ආදි වූ කරුණු මතය.

අප දකින්නට උත්සාහ ගන්නේ වුවමනාව /අවශ්‍යතාව විෂම බවය. එහි සමාකාර සළකුණු නොමැති බවය.

ඕනෑම අයෙකු තුල වුවමනාවක් ඇති වීම තවත් අයෙක් ගේ වුවමනාව වීම මත ලෝකය පවතී.

විවිධ මිනිස් වුවමනාවන් තුල සමාන සලකුණ අපහසුවෙන් හඳුනමින් ඒවා ලඝු ප්‍රමිතීන් මත රඳවා දාර්ශණිකව ලෝකය මැනුම් කළ වුන් නිසාවෙන් මිනිස් සමාජ මට්ටම් ත්වරණයට ලක් වූවා සේම මඟ ‍රැඳුනු ,නතර වුණු,හුදකලා වුවමනාවන් මත , සංඥා නොමැති දුම්රිය තුල තැඹිලි,කුරුම්බා අලෙවිය මෙන් සමාජම ය වුවමනාවන් තුල ගෝත්‍ර ගත කළ  නොමිනිස් සලකුණු  මතින් සමාජ ප්‍රගමනය මන්දනයට ලක් විය. මේ කුලක අතර වන ආතතිය තීව්‍ර විය යුතුද? අත් හළ යුතුද? එසේම පැවතිය යුතුද?

බොහෝ දාර්ශණික හරයන් තුලද, හුදකලා මිනිස් වුවමනාවන් තුලද වන සමාකාර සළකුණ වන්නේ නිදහස අවැසි බවයි.

විශ්වයේ බිහිවීමේ සිට විකාශනයේත් පෘථුවියේ බිහි වීමේ සිට විකාශනයේත්,ජීවය බිහිවීම හා එහි විකාශනයේත් , මිනිසාගේ බිහිවීමේ පරිණාමයේත් සාධක වලට යටත් ව මිනිසා  නිදහස් ජීවියෙකු විය යුතුව ඇත.මෙකී නිදහසේ සීමාව සමාජ ප්‍රගමනයේ  බාධාවේ සීමාවද විය යුතු යැයි සිතමු.

නිදහස වෙනුවෙන් මිනිසුන් අත් කරගත යුත්තේ කවරක්ද? බැහැර කළ යුත්තේ කවරක්ද යන්න අපගේ සංවාදයේ ඇරඹුම වෙයි.

අප ඉඟි කර සිටින්නේ මිනිසුන් ගෝත්‍ර ගත කරන සියළු විදිවල බන්ධන දිය කළ යුතු බවකි.

එනයින් අපගේ කතා බහ ඇරඹෙන්නේ එකී පදනම මත එවන් ලක්ෂයක සිටයි.